Friday, January 27, 2017

කොටුවෙ ජීවිතේ හා අතෑරුණ පාඩම්

හැමදාම උදේට රූමස්සල කන්ද උඩින් ඉර පායන කාලයක් මට තිබුණා. හතර පහ වසර වල වගේ. නිදහස් සෙනසුරාදා උදේ තමයි හොඳම. එදාට පාන්දරම කොටු බැම්ම උඩ වාඩි වෙලා කන්ද උඩින් ඉර ටිකෙන් ටික උඩට නගින හැටි බලන් ඉන්න පුලුවන්. වම් අත පැත්තෙන් වරාය පේනව. දකුණෙන් ලයිට් හවුස් එකයි රූමස්සල කෙළවරයි අතරින් ඈත මුහුද. ඉස්සරහ මූද දෙබෑ කරගෙන නැව් යන පාර. මුහුදෙ වතුර හිඳෙන සෙනසුරාදාවල අපි වතුර අස්සෙන් මතුවෙන තණ ගොල්ලයි ගල් ගොඩයි උඩින් මූදෙ ටිකක් ඈතට යන්න පුරුදු වෙලා හිටියා. මුහුද කියන්නෙ අරුම ලෝකයක්. සමහර දාට අපි ගෙදර ආවෙ ඉකිරින්ට කියල අන්නවගෙන. වෙරලෙ හඳ පලු හොයන්නෙ තරගෙට. හඳ පලු අව්වෙ පීරිසියක් උඩ තියලා පැය ගණන් බලන් ඉන්නව උන් ඇවිදිනකන්. උස අඩු තැන්වල වැල්ලෙ ඉඳලා කොටු තාප්පෙ දිගේ උඩට නගින එක ඒ දවස් වල අපට මහා වීරකමක්. හදිස්සියෙන් දවසක වැල්ලෙ වාඩි වෙලා ඈත මුහුදෙ ඉදල නැවක් වරායටම වෙනකන් ගාට ගාට යන දිහා බලන් ඉන්නවා. නැව ඇතුලෙ ඉදල වතුර එළියට දාන එක අපට ලොකු ප්‍රශ්නයක්. මන් නිවාඩුවට ආච්චිලා දිහා ගිහින් ඉන්න කාලෙක වරායට රුවල් නැවක් ඇවිත් ගිහින්. ඒ දවස් වල ඒක බලන්න උන් නැති එක ගැන මාර දුකෙන් හිටියෙ. රිජිෆෝම්, ඉරටු වලින් තඩි නැව් හදන එක ඒ කාලෙ ලොකු විනෝදාංශයක්. ඔය කාලෙ රෑම් පාට් එකේ සෙල්ලමට දුවපු නැති දවසක් තියෙනවනම් ඒ ගොඩක් අඩුවෙන්. කිට්ටුව තිබුණ නුග ගහක වැල්  වල එල්ලිලා ලිස්සල බිම වැටෙන්කන්ම ඔංචිලි පැද්දා. මොකද මන්ද ඒ කාලෙ කියවපු සුදු ගෝනා සුදු වැද්දා එක්ක මට මතක් වෙන්නෙ ඒ නුග ගහ. කොටුව හදන්න කලින් නුග ගහ වටේ වෙරළටම යනකන් තිබුණ මහා ගන කැලෑව මට මැවිල පේනවා. මම මූද දිහා බලන් කතන්දර ගෙතුවා. චිත්‍ර ඇන්දා. රළ පාර කතා කියල දුන්නා. කන් ඇතුලෙ දෝංකාර දෙන හෝ සද්දෙ නවත්තගන්න බැරුව කන් වහගෙන තණ ගොල්ලෙ පෙරලුණා. වැල්ලෙ තිබුණ සද්දන්ත එරබුදු ගහේ මල් පිපෙනකන් බලන් හිටියා. මාලු දැල් වලින් ගැළවිච්ච රිජිෆෝම් බෝල වල එල්ලිල මූදෙ පාවුණා. කොටුවෙ ඉඳන් රූමස්සලට වෙනකන් පීනන්න හීන මැව්වා. ඒ හීනේ වගේම ලයිට් හවුස් එකට නගින එකත් හීනයක්ම වුණා. ඔය විදියට කොටුවෙ ජීවිතේ මහ අරුම කාලයක් වුණා.

මේ සේරම සෙල්ලම් දිහා එක යෝදයෙක් සෝදිසියෙන් හිටියා. රූමස්සල. හනුමා ගෙනාපු බෙහෙත් කන්ද. ඒත් එක්ක දිග ඇරෙන්නෙ රාවනගෙ කතාව. ඒක ඉස්කෝලෙ පොත් අස්සෙ තිබුණෙ නෑ. ඉස්කෝලෙට ඒක මිත්‍යාවක් වුණා. ජර්මන් කාරයා ගොතපු අවුරුදු දෙදාස් පන්සීයෙ කතාව ඇත්තක් වුණා. විජයව පොතට රිංගවල මහා සම්මත මනු එළියට වීසි කරා. මනුගෙ මැණික්පාලිට පෙන්නපු වෙස්මූණු ටික උස්සල අම්බලංගොඩම ජර්මන් කෞතුකාගාර දාගත්තා. සුද්දො රාවනල ගැන හෙව්වෙ ලංකාව පීර පීර. අහසින් ගියපු සිංහ මිනිස්සු හොයන්න උන් ලංකාව දෙවනත් කරා. ඒත් අපට විජය ගැන උගන්නන්න විතරයි සුද්දො සල්ලි පාස් කරන්නෙ. එතකොට හරි ලේසියි පරණ විද්‍යාවල්, බේත් හේත් හොරකන් කරගෙන යන්න. ඇයි නැති ලබ්බක් කවුරුත් හොරකම් කරන්නෙ කොහොමද. ඊට කලින් අපි ගල් ගුහා වල බෙල්ලො කෑවලු. අපට බෙල්ලො පෙන්නල හම්බෙන ඇට සැකිලියි පුරාවස්තුයි ජර්මනියට, ඇමරිකාවට පටවනවා. ජර්මන් 'සුදු අම්මල' තාම අපට කොකා පෙන්න පෙන්න අපේ දේවල් ඩැහැ ගන්නව. ඉස්කෝලෙ, ඒ කියන්නෙ බටහිර විද්‍යාව කියන ආගම උගන්නන තැන උගන්නපුව කර පින්න ගත්ත උන්ට ඒකෙ උගන්නන දේවලට අමතර හැම දෙයක්ම මිත්‍යා වුණා. ඒ උගන්නපු දේට අමතර හැම දෙයක්ම විද්‍යාත්මක ක්‍රමවේදයකින් දකින්න කියල දුන්නා. හැබැයි උගන්නපු දේ පල්ලියේදි වගේ දෙවියන් වහන්සේගේ නමින් භාර ගත්තා. ඒවට සාක්ෂිවත් විද්‍යාත්මක බවක්වත් ඕන වුනේ නෑ. බුද්ධාගම ගැන විද්‍යාත්මක ඇහැකින් බලන්න උගන්නනවා. ඒ මොන මඟුලකටද.  ඒ විදියට ඉගෙන ගත්තු එකට තෑග්ග විදියට අන්තිමේදි පල්ලියෙ ලෝගුව අන්දලා උපාධි බම්බුව දෙනවා. රාවන කොහෙද හිටියෙ කියල අහන උන් ලෝගුව තිබුණෙ කොහෙද ලෝගුව අන්දන්නෙ කවුද කියල අහන්නෙ නෑ. ඒකට සාක්ෂි ඕන නෑ. පල්ලිය කියන වචනෙත් තැනත් පවා හොරකම් කරපු එකක් බව ඕකුන් දන්නෙ නෑ.

රූමස්සල කියන්නෙ අඩු ගුරුත්වයක් තියෙන තැනක් කියල ඔය පොඩි දවස් වල කනින් කොනින් අහල තිබුණා. සමහර විට මහ පොළවෙ අඩුම ගුරුත්වයක් තියෙන තැන. ඒක එච්චරටම විශේෂයි. ගස් කොළන් අතින් ගත්තොත් හිතාගන්න බැරි තරමෙ විශේෂ තැනක්. රූමස්සල කැළෑව ඇතුළ රූ මංසලක්ම තමයි. අද මේ බිමට කෙලවන හැටි දැක්කම පුදුම කළකිරීමක් එනවා. හැම තැනම එළි කරල. වෙරළෙ වැට වල් ගහල අල්ලගෙන. හෝටල් රෙස්ටුරන්ට් අඩියෙන් අඩිය. මොනව කරන්නද. සංචාරක කර්මාන්තෙ දියුණු කරන්න එපැයි. නැත්තන් මේ රටේ සංවර්දනේ නැති වෙනවනේ. ටුඅරිසම් කිය කිය අපට අරිනව. රටේ ලස්සනට කෙළල දානව. රටට තියෙන හයිය නැතිකරනවා. රටේ ඔය ලස්සන නැති වුණාම සුද්දට ඇඟ තමයි විකුණන්න වෙන්නෙ. ගස් කොළන් වලින් තියෙන හයිය නැතිවුණාට පස්සෙ සුද්දගෙ අහවල් එකේ තමයි එල්ලෙන්න වෙන්නෙ. ගස් කොලන් අඳුරන්නෙ නැති ඒවගෙන් වැඩක් ගන්න දන් නැති මිනිස්සු ඉස්කෝලෙන් එළියට ආවම සුද්දා කියන දේ තමයි කොහොමත් අදහන්න වෙන්නෙ. ගස් කොල කියන්නෙ බෙහෙත් ගොඩක්. කෑම ගොඩක්. මෙච්චර බෙහෙත් ගොඩක් කෑම ගොඩක් රටේ තියාගෙන බෙහෙත් ගන්න ඇයි මිනිස්සුන්ව සුද්දොන්ගෙ ෆාමසි වලටම දක්කන්නෙ. ඇයි හොටෙල් ඇතුළෙ වර්ක්ශොප් දාගෙන අපට කොස් කොළ ක්‍රෝටන් කොළ කන්න කියන්නෙ. අනේ හිඟන මහත්ත ගොල්ලනේ ඔය ඉස්කෝලෙ අවුරුදු දහතුනම එක දිගට ඉගැන්නුවත් උගන්නල ඉවර කරන්න බැරි ආහාර සංස්කෘතියක් මේ රටේ තියෙනව. ඒක නැති කරල අපට ෆුඩ් සිටියට ගිහින් සල්ලි ගෙවල කෑම ගන්න හැටි ඉස්කෝලෙන් උගන්නනව. සැන්ඩ්විච් එක හදන්න ගෘහ විද්‍යාවට උගන්නනව. අපට කන්න උගන්නන කලින් මේ පොළවෙ පය ගහල ඉඳපල්ල මහත්තයො. සුද්දො මේ පොළවෙ පය ගැහුවා. ඒ නිසා උන් දැනගත්තා රටේ මිනිස්සු පොළොවෙ පය ගැහුවොත් අපට සුද්දො ඕන නැති වෙන බව. ඒ නිසා උන් ගොඩ කළු සුද්දන්ව අහසෙ මාළිඟාවල ජීවත් කරවනවා.  ඔය දවස්වල ආරම්භක විද්‍යාවටද මොකක්ද මගුලකට පොළොව ගැන පාඩමකදි අපට ඉගැන්නුවෙත් සුද්දගෙ පස් තට්ටුව ගැන. මේ රටේ පස් වල අගේ දන් නැති එකෙක් මේ රටේ පස් වලට ආදරේ කරයිද. පස් වලට ආදරේ නැති එකා පස් වලින් උඩ එන ගහ කොළට ආදරේ කරයිද. පස් ටිකේ අගයක් දන්න එකෙක් ඒකෙ උඩ කොන්ක්‍රීට් අතුරල අපි දියුණුයි කියල කියන්නෙ නෑ.

කොටුවෙ හිටපු දවස් වල ඉස්කෝලෙ යන්නෙ  ලුණු රහ කලවම් වෙච්ච මූදු හුලඟ එක්ක ඔට්ටු වෙවී සද්දන්ත නුග මාර ගස් යටින්. හොල්මන් කරන පත ගල් තාප්ප පහු කරගෙන පරණ ගෙවල් පහු කරගෙන මන් ඉස්කෝලෙට යන්නෙ අතීතයේ  ඉඳලා අලුත් ලෝකෙකට එන මිනිහෙක් වගේ. ඔය කාලෙ ගාල්ලෙ ඉඳල ඉස්කෝලෙට බස් එකේ යනකොට තමයි මන් පළවෙනි වතාවට මූණත් එක්ක ඇඟම කළු පාටින් වහ ගත්තු ගෝනි බිල්ලෙක් දැක්කෙ. පස්සෙයි දන්නෙ ඒ ආගමක් නිසා නිදහස නැති කරගත්තු බිල්ලෙක් කියලා. අරාබියෙ නම් වැලි කුණාටු වලින් බේරෙන්න මූණ වහං යනවා. මෙහේ මොන රෙද්දෙන් බේරෙන්නද. මොස්ක් එක මාස්ක් කරගත්තු මූණක් පෙන්නන් නැති බිල්ලො එක්ක මොන සහජීවනද. එක දෙක වසරෙදි වගේ කොටුවට ඉස්කෝලෙන් ට්‍රිප් එකක් එක්කන් ආවා. ඒ කාලෙ මට කොටු පවුර අමුතුම ගම්භීර ලෝකයක් වුණා. අපට ඉගැන්නුවෙ ගාලු කොටුව අපේ උරුමයක් කියලයි. ආඩම්බරයක් කියලයි. ඒක සිංහලයොන්ගෙ පරාදීනත්වයෙ සංකේතයක් කියල තේරුණේ තවත් ගොඩක් කල් ගත වුණාට පස්සෙ. කොටුව හදපු අපේ උන්ව සීමාවෙන් එළියට යන්න කලින් මැරෙව්ව. ඔය මහ ලොකු ගල් ගොඩ අස්සෙ අපේ උන් කී දාහකගෙ නම් ඇට කටු ඇත්ද. ඔය සීමාවෙ ඉඳන් ඇසතු ගහට කලින් නුග ගහට වැඳපු පන්සල් කී දාහක් නම් කඩල දාන්න ඇත්ද. රටේ බුද්ධාගම නැත්තටම නැති කරපු වල් පරයොන්ගෙන් අපට මොන උරුමද කරුම මිසක්.

ඔය කාලෙම තමයි කැප්පෙටිපොළල පුරන් අප්පුලා ජාතික වීරයො නෙවෙයි කියල මන් ඉස්කෝලෙන් ඉගෙන ගත්තෙ.  'පුතේ අනගාරික ධර්මපාල, හෙන්රි ස්ටීල් ඕල්කොට්, සේනානායක වගේ අය තමයි ජාතික වීරයො'. මිස් මට කියල දුන්නා. මොන කරුමෙකටද මන්ද මට එදා ඒ පාඩම තේරුනේම නෑ. එහෙම උනානම් ඒ ජාතික වීරයො දිනා දුන්න නිදහස ගැන උජාරුවෙන් කියව කියව ලාංකිකයෙක් විදියට ලස්සනට දියුණු වෙන්න තිබුණා. ඒ වුණාට ඒක එහෙම වුණේ නෑ. ඒක නිසා රටේ පාලකයො මගේ වීරයන්ව රාජ්‍ය ද්‍රෝහී කමකින් නිදහස් කරන්නෙ කොහොමද කියල හිතලම හිතට වේදනායී. ඒ කියන්නෙ තාම මේ රටේ තියන්නෙ සුද්දගෙ පාලනේ කියලනෙ. සිංහලේ බේර ගන්න හදපු උන් අපි දෙවියො විදියට අදහන උන්ව ද්‍රෝහියො වුණේ අර පර සුද්දිගෙ ආණ්ඩුවට මිසක් මේ පොළොවට නෙවෙයි. සුද්දොන්ට ඕන වෙච්ච දේ කරන මේ රටේ වීරයො ටිකක් ඉන්දෙද්දි අනේ දෙයියනේ උන් මොකටද මේ පිට රටකට වෙලා ඉන්නෙ. ඉතින් උන් අපට 'නිදහස' දීල ගියා. අපට උජාරුවෙන් නිදහස සමරන්න කියල දුන්න. අපි දවසින් දවස විහින් වහල්ලු වෙනවා. රටේ පාලකයො රටට කෙළවපු පරයො එක්ක අතට අත දෙන ෆොටෝ නැතිකොට එඩිට් කරලම රට්ටුන්ට පෙන්නනකොට, ගෙරි සුද්දිගෙ මේස් නැති අත ඉඹින එක තරන් සැපක් නැති කොට රටේ ජීවත් වෙන වුන්ට කොහෙන් නිදහසක්ද. නිදහස කියල මොකෙක්ගෙද සමයමක් සමරන්නනම් අපට කියල දෙනවා. කොහොමටත් මේක සිංහල රට කියල මම සිංහල කියල කටක් ඇරල කියන්න බැරි නිදහසකින් ඇති පලේ මොකක්ද.

ගොඩක් දේවල් ගැන හිතෙන කොට හිතට එන්නෙ මහා කළු බයක්. හරියට ගන කලුවරේ මූදු වෙරළෙ මට ඒ දවස් වල දැනුන බය වගේ. කළුවරේ මාව ගිලගන්න වගේ හෙණ ගෙඩි පුපුරන සද්දෙන් කෑගහගෙන එක පිට එක ගහ මරාගෙන වැල්ලට කඩන් පාත් වෙන මහා ලොකු රළ පාර. මූසල හුළං සද්දෙ. ඒක හරියට මුලු විශ්වයෙන්ම තමන් තනියි කියල දැනෙන බයට සමාන බයක්. රෑක ගන කැලෑවක් මැද ගල්ගුහාවක් ඇතුළෙ තනි වෙනවට වඩා වැඩි බයක්. කොටුව මට දුන්නෙ මේ වගේ ඇත්දැකීම්. මේ වගේ මතක. මතක ගොඩ ගහන්නෙත් මූදු රැළි ගොඩ ගහන්න වගේ තමයි. මේ එනවා. මේ සී සී කඩ වෙනව. සමහර රැළි කිරි පාට පෙණ පිඬු වගේ උතුරල යනව. සමහර රැළි අප්පිරියා ගූ කුණු ගොඩවල් සුදු වෙරලට ගේනව. ලියවෙන්නෙ ඒ වගෙන් හරිම ටිකයි.