Sunday, May 20, 2012

මළවුන් මැද මළමිනියක්ව

මළවුන් නම් නුඹමැයි
මිනිය නම් මම්මැයි
ඒ මා සිතුම්මැයි
නමුදු කෙළෙසෙක පවසවැම්වයි

අලුයමට හෝරා ගණන් පෙර සිට
කඩා නිදිමත නොසතුටින ඇර නෙත් දිගැර අතපය
පිස අහර පත කර අස් ගෙයද වැඩ දූ දරු
නොනැවතී දුව යන්නෙ වැඩටයි හතිමැද

"අම්මා" කී විලස ගල් අගුරු වෙත මළ රූ විලස දන එදා
අදටත් සරිය සැම දනා පුර වෙත දුවන රිසි සිහි නැතා
පඩිය ගෙන අතට දිවි නගා තුටු වෙනා දැක දුව දුවා
ඒ සිහිනයක් මිස සැබෑවක් නොව වියදම්ය පඩි එක් දිනා

ඉතින් දන අද
සිහි තුටු නැතිය දිවි තුළ
මළ රූ විලස යන
මම්ද එලෙසමය
දිටිමි කෙළෙසෙකද
දනන් යන එන
දුම්රියෙන් බැස
නගර වැඩ වෙත
නැතිව ලේ වත
මහ මෙර ලෙසින් හිස මත
පෙරල අනෙකා
නැතිව සති ගුණ
මම්ද බැලුවෙමි
කැඩපතින් මා දෙස
සුදුමැලිය වත
සිතුණි මළ මිනියක් වීද මා
මළ දනන් මැද මොහතකට

වැඩ ඇරී සවස යළි දුව යතේ යළි නිවසෙටේ
මෙගා ටෙලි මැද කඩේ බත් මැද සුව සිහින ගැන සිතමිනේ
දූ දරු නෑදෑ අසල්වැසි ප්‍රශ්න විසදා දමමිනේ
නින්ද ලැබුවත් පෑ දෙක තුන යළි ඇහැරෙනේ මළ විලසිනේ

මහා සංවර්ධිතය අද ලෝ
සතුට නිදහස නැතුවටා
මිනිස් දිවි මළවුන් ලෙසින් කර
මිරිගුවක් ලොව කරවනා
සැමදෙනා එය අනුමතා කර හිසවනා
මම්ද එක පුරුකක් පමණක්ම වෙමි
මළවුන් මැදම ඉමි සිත සදා...