Sunday, May 6, 2012

අමතක වුන අපේ අය

උදෙන්ම අම්ම මා පරට දක්කන්නේ
ඇගලා නිලැදුම ඈ සැට්ටය වහ ගන්නේ
ගෙන ඉදල ඉලපත මහ මග ගොඩ වන්නේ
දවසේ ඇරඹුමයි එය මගෙ දිවි කා ගන්නේ

ඉදගෙන අයිනෙ පදිකයොන්ගෙ අඩි පාරේ
ඉල්ලමි මා සිගා යැයි සිතුවෙද නුඹ රාලේ
මෙහෙම ගියොත් නම් එය සිදුවෙයි වාගේ
දෙයියනේ ඇයි මව් මගේ මට පව් දෙන්නේ

ලොකු අයියල අක්කල වගෙ උන් නිතර යන
ලොකු ඉස්කෝලයක්ලු මා පිට දෙන වැටෙන් පැන
සේරම උන්ට මා වැනි හිස කද ඇතිය
මොන වරදටද මා මෙහි සිට උන් යන්න

තාර දුම් දූවිලි අව් වැසි මට හුරුය
මවටද සිහි නැතිය මග කොල රොඩු නැතිය
බඩගිනි වේය සැම විට බණ්ඩියෙ අහර නැත
සොච්චම් මුදල මදි මව්ගේ මට ඉගෙනුමට

කාර් බස් වාහන ලොරි ඉගිලෙන්නේ
යන වේගෙටදො ඇයි අප ගැන නොපෙනෙන්නේ
ඇයි අප ඔබ එකෙක් යයි නුඹ නොසිතන්නේ
ලොකු ඉස්කෝල වල ඔව්වද කියලා දෙන්නේ

ඉද හිට ඇවිත් මගේ පාලුව නැති කරන
ඇග රැළි වැටුන බලු රාලෙකි මා දුක දන්න
ඇසුවෙමි උගෙන් දන්නේදැයි ඔය අකුරු හෙම
කීයේ දනී නම් පැමිනෙද නුඹ ළගට