Sunday, May 20, 2012

බොදු කැළ

මල් දුම් සුවද එළි පැන් පුදා කර ගසා වඩා සද්ධා නැතිව විමසා බොදු කැළ
වැද පුද සෙත් පතා සිත කර ධන ලොබා බෝ පූජා නැතිව පීරා අමා දම් ගුල
වඩන පින් කිමා යන්ට තවුතිසා කල් දමා නිවන වැඳ ඉඹ නෙක අකැප ගොන් කැළ
ලීමි දුක්නිසා නැතිව සතොසිනා වෙන්ට යන විපත් බෝ යුද වදියි දැක සිත් තුළ

පසෙක ආඩිද හම්බ සුද්දොද ඇතුළෙ පරයොද එක්ව දියකර හරින ලක පිරි සසුන්
රජුන් ලෙස දන රවටනා නැත කිසි පෙමා මුදලට විනා දැය බුදු වෙතා වැනි උන් පිරින්
කහ රෙදි දරා බුදු දම් ලෙස ගොතා මිසදිටු වදන් රස කර කියා ගුවනින් රැවටෙත් දනන්
ඉතින් කිකළෙක මෙලක වෙද සොද අපා ලෙස මිස තව දුරක් මෙලෙසින් යමින්

මළවුන් මැද මළමිනියක්ව

මළවුන් නම් නුඹමැයි
මිනිය නම් මම්මැයි
ඒ මා සිතුම්මැයි
නමුදු කෙළෙසෙක පවසවැම්වයි

අලුයමට හෝරා ගණන් පෙර සිට
කඩා නිදිමත නොසතුටින ඇර නෙත් දිගැර අතපය
පිස අහර පත කර අස් ගෙයද වැඩ දූ දරු
නොනැවතී දුව යන්නෙ වැඩටයි හතිමැද

"අම්මා" කී විලස ගල් අගුරු වෙත මළ රූ විලස දන එදා
අදටත් සරිය සැම දනා පුර වෙත දුවන රිසි සිහි නැතා
පඩිය ගෙන අතට දිවි නගා තුටු වෙනා දැක දුව දුවා
ඒ සිහිනයක් මිස සැබෑවක් නොව වියදම්ය පඩි එක් දිනා

ඉතින් දන අද
සිහි තුටු නැතිය දිවි තුළ
මළ රූ විලස යන
මම්ද එලෙසමය
දිටිමි කෙළෙසෙකද
දනන් යන එන
දුම්රියෙන් බැස
නගර වැඩ වෙත
නැතිව ලේ වත
මහ මෙර ලෙසින් හිස මත
පෙරල අනෙකා
නැතිව සති ගුණ
මම්ද බැලුවෙමි
කැඩපතින් මා දෙස
සුදුමැලිය වත
සිතුණි මළ මිනියක් වීද මා
මළ දනන් මැද මොහතකට

වැඩ ඇරී සවස යළි දුව යතේ යළි නිවසෙටේ
මෙගා ටෙලි මැද කඩේ බත් මැද සුව සිහින ගැන සිතමිනේ
දූ දරු නෑදෑ අසල්වැසි ප්‍රශ්න විසදා දමමිනේ
නින්ද ලැබුවත් පෑ දෙක තුන යළි ඇහැරෙනේ මළ විලසිනේ

මහා සංවර්ධිතය අද ලෝ
සතුට නිදහස නැතුවටා
මිනිස් දිවි මළවුන් ලෙසින් කර
මිරිගුවක් ලොව කරවනා
සැමදෙනා එය අනුමතා කර හිසවනා
මම්ද එක පුරුකක් පමණක්ම වෙමි
මළවුන් මැදම ඉමි සිත සදා...


Tuesday, May 8, 2012

ඇරයුම් කල්ප නසනටා

කල්ප යුග අවසනා
දින ගණන් ගැන ගැනා
මසිත මම් රවටනා
සියලු සත මට වෙනු සමා

දෙනෙතු වසා සිටිම්ද
කන් අගුලුලා සිටිම්ද
ඈත වන මැද සරම්ද
කෙලෙස ඉවසා සිටිම්ද

කිසි දිස නැත නිවන
කාසි රිසි ලෙස සරන
මෙදිවි කිම අරුත
තෝරන දනන් නැති සද

සැම දනෝ තම ගොඩ නගා
නැත සිතක් අන් සත වෙතා
වඩ වඩා පර සිත් දිගා
නොකරනා පසු පින් වැඩා

නෙක් රජුට වදිමිනා
නැත කිසි කල්හි සිහි මනා
පර බස් බෝ අසමිනා
වැඩූ මර සෙන් සිත් කළඹනා

පුර වර්ධන ලෙසට
නම් කර පවුරු බෝ උස
රුක් දිවි නසන සැර
සියොත් නැත කෝ තුටු ඇසට

ඉදින් මේ ලෝ තුළා
හැකිවෙද ගන්ට දිවි මනා
නැතිකල්හි පිළිතුරා
ඇරයුම් කල්ප නසනටා

Sunday, May 6, 2012

ඒ සරල බව ඔහුට සරල වෙද?


මග කොන පයිප්පය නැගිටියි ඔහු සමග
දිය ඉස පිසදමා නිවසේ දොර පියන ඇර
වහළක් නැති කාමරයේ ඇඳ අයින් කොට
සැරසෙයි අරඹනට දිවි දූවිලි තාර මැද

පේළි පෙට්ටි කඩවල මුල අරඹන්නේ
නිවසත් එයම තනි දිවියත් එහි වෙන්නේ
ඇඳ බංකුවකි වැරහැලි ඇඳ රෙදි වන්නේ
වැලකි කඩ වමත කඩමලු එල්ලෙන්නේ

මිනිසුන් පිරෙයි පොඩි පොඩි බඩු ටික ගන්න
අත මිට පිරෙයි යන්තම් හෙට ගතවන්න
ඉර ගිලෙයි කියමින් වසනට දොර පියන
යළි ඇඳ සැදෙයි විගසින් කෑ අහර පත

වෙන අරුතක් කොහි මෙහැර දිවි සරල
ලෙස වැටහෙන්නෙ දකිනා විට ඔහු මෙමට
නෑහිත මිතුරු අඹු දරුවන් නැත ගෙවන
ඇතිවෙද පලක් වූ පමණින් දිවි සරල

අමතක වුන අපේ අය

උදෙන්ම අම්ම මා පරට දක්කන්නේ
ඇගලා නිලැදුම ඈ සැට්ටය වහ ගන්නේ
ගෙන ඉදල ඉලපත මහ මග ගොඩ වන්නේ
දවසේ ඇරඹුමයි එය මගෙ දිවි කා ගන්නේ

ඉදගෙන අයිනෙ පදිකයොන්ගෙ අඩි පාරේ
ඉල්ලමි මා සිගා යැයි සිතුවෙද නුඹ රාලේ
මෙහෙම ගියොත් නම් එය සිදුවෙයි වාගේ
දෙයියනේ ඇයි මව් මගේ මට පව් දෙන්නේ

ලොකු අයියල අක්කල වගෙ උන් නිතර යන
ලොකු ඉස්කෝලයක්ලු මා පිට දෙන වැටෙන් පැන
සේරම උන්ට මා වැනි හිස කද ඇතිය
මොන වරදටද මා මෙහි සිට උන් යන්න

තාර දුම් දූවිලි අව් වැසි මට හුරුය
මවටද සිහි නැතිය මග කොල රොඩු නැතිය
බඩගිනි වේය සැම විට බණ්ඩියෙ අහර නැත
සොච්චම් මුදල මදි මව්ගේ මට ඉගෙනුමට

කාර් බස් වාහන ලොරි ඉගිලෙන්නේ
යන වේගෙටදො ඇයි අප ගැන නොපෙනෙන්නේ
ඇයි අප ඔබ එකෙක් යයි නුඹ නොසිතන්නේ
ලොකු ඉස්කෝල වල ඔව්වද කියලා දෙන්නේ

ඉද හිට ඇවිත් මගේ පාලුව නැති කරන
ඇග රැළි වැටුන බලු රාලෙකි මා දුක දන්න
ඇසුවෙමි උගෙන් දන්නේදැයි ඔය අකුරු හෙම
කීයේ දනී නම් පැමිනෙද නුඹ ළගට