Wednesday, July 14, 2010

රටට අහිමි වෙච්ච කිරිගොවියෙක්.....

මට මතක හැටියට ඒ අට වසර නැත්නම් නවය වසර. මගේ වමත පැත්ත මේසෙ හිටියෙ කුමාර. මිනිහ නලල දෙපැත්තෙ බේරෙන්න තරම් තෙල් නාගෙන ඉස්කොලෙ ආවෙ උඩට කූරු කූරු වගෙ ඉස්සිල තිබිච්ච කොන්ඩෙ හදාගෙන ඌට වැදිල තිබුන ඉත්තෑව කාඩ් එකෙන් ගැලවෙන්න. පුලුවන් හැමවෙලාවෙම කලිසමේ පිටිපස්ස සාක්කුවෙ හිරකරගෙන හිටපු ඒ කාලෙ රුපියල් පහට තිවුන මැදගිල්ල දාල අල්ලගෙන පීරන්න පුලුවන් පනාවෙන් කොන්ඩෙ පීරගත්ත. පුටුවෙන් නැගිනකොට ෂර්ට් එකේ බැගී හදාගන්නත් මිනිහ අමතක කරේ නෑ.

කොහොම හරි වැඩිපුර හැන්ඩ්සම් වෙන්න ගිහින් එක පාරක් කොන්ඩෙ කට් කපල කාලයක් යනකන් ඔලුවෙ කලු සපත්තු පොලිෂ් උලාගෙන ආවෙ දිසානයක සර් ඒ කියන්නෙ අපේ විනය බාර වෙලා හිටපු සර්ගෙන් ගැලවුමක් නැති හින්ද. සමහර දවස් වලට කුමාර එන්නෙ මචං නාගෙන. එක්කො බයික් එකේ චේන් එක පැනල. නැත්තන් පහුවදා හවස කොහේ හරි වාහනෙක ගරාඡ් වැඩේ කරල. අතට කීයක් හරි හම්බෙනවනම් වැඩක් අතහරින් නෑ.

මිනිහට හිටිය හරක් පට්ටියක්. අඩුම තරමෙ පහ හයක් වත් හිටිය. දවසක් ගුරු දෙගුරු රැස්වීමකදි කුමාරයගෙ අම්ම මේක අපේ රංගනී මිස්ට කියල. මාර ලෙඩේ. මූ දවස් ගානක් යනකන් පන්තියට ආවෙ මිස් රෙඡිස්ටරේ මාක් කරල පන්තියෙන් ගියාට පස්සෙ. මොකද ලමයා ඔයා ඉස්කොලෙ එන්නෙ හරක් දක්කන්න පුරුදු වෙන්නදැයි කියල මිස් බනිනවලු. මේක ආරංචි වෙච්චි අපේ තව උන්දල කීප දෙනෙක්ම මූට ගොනා පාට් දැම්ම. කොහොමින් කොහොම හරි ටික දවසක් යද්දි කුමාරයගෙ හරක් රස්සාව මගහැරුන.

ලෝකෙ පෙරලි පෙරලි අවුරුදු දහයක් විතර ගියා. මම දවසක් නිවාඩුවට ගෙදර ගියා. ගාල්ලෙන් බහිද්දි දෙදරන්න වහිනව. කුඩේකුත් නැතුව පාර දිගේ ගෙදර ගිහිල්ල නිදහසෙ හෝදන්න ගත්තු ඇදුම් බෑග්ගෙත් උරේ එල්ලගෙන යද්දි කවුදො මංද මං ගාවට ඇවිල්ල කුඩයක් ඇල්ලුව.යකඩො මද්දෙගෙ මල්ලි. ඉස්කොලෙන් අවුට් උනාට පස්සෙ හම්බුනාමයි. ඊටත් වඩා ඉස්කෝලෙ එකෙක් හම්බුනේ අවුරුද්දකට විතර පස්සෙ. ඌටත් මාර සතුටුයි. ස්ටෑන්ඩ් එකට වෙලා කදයක් දාගෙන ඉදල තේ කඩේකට රිංගුවෙ උනුවට ප්ලේන්ටියක් ගහන්න. මූ නේවි ගිහින්.ගොඩක් උන් ෆෝසස් ගිහින්ලු. මලය මට කට්ටියගෙ රිපෝට් එක දුන්න.

"කුමාරය ඌට කොහොමද? මිනිහ බැන්ද නේද? දැන් මොනවද කරන්නෙ"
"ඔන්න ඔහෙ ඉන්නව. දැන් ලමයි දෙන්නෙක් ඉන්නව. ජොබක් නම් නෑ. කුලී වැඩ කර කර ඉන්නෙ ඔය."

මද්දෙ හොටෙල් එකක වැඩලු. මලය තව මොනවද මොනවද හුගක් කියවන් යනව. උගේ ඇගේ තුවාල කැලල් පිරිල. බෝට් එකක් බ්ලාස්ට් වෙච්ච වෙලාවක ඩැමේජ් වුනාලු. තව අවුරුදු ගානක් යනකල් ඔය කැලල් තියේවි. ජීවිත කාලෙටම වුනත්. මේ අපේ ජීවිත.................

මට ආයෙත් කුමාර මතක් උනා. එකට සින්දු කියපුව, නටපුව, කෙළගත්තුව, වලබැහැපුව, දාඩිය පෙරාගෙන කෙල්ලො පස්සෙ පැදපුව. ඒ සේරම ඉවරයි. ඒ දවස් වලත් අපිට පේන්න සතුටින් හිටියට මූ හොදටම අඩන්නැති. අදත් අඩනව ඇති. ලමයි දෙන්නෙකුයි ගෑනියෙකුයි රස්සාවක් නැතුව. හරියටම කියනවන් මූන්ව අඩවනව. මිනිස්සුන්ගෙ කදුලු බොන්න ආසවෙච්ච අලුත් ජාතියෙ ඩ්රැකකියුලල ටිකක් උන්ව අඩවනව.

කුමාර ඉස්කෝලෙ ගියා. ඉගෙන ගත්ත. ඉගෙන ගන්නෙ හරක් දක්කන්න නෙවෙයි කියල ඉගෙන ගත්ත. බලයට මරාගන්න උන් ටිකක් ප්රතිසංස්කරණ දාල හදල දෙන අධ්යාපනේ ඌටත් හම්බුන. ඒත් ඌට අවශ්ය විදියට නම් නෙවෙයි. හරක් බලන්නයි කිරිදොවන්නයි උගන්නන්නත් ඔය ප්රතිසංස්කරණ ඇතුලෙ තිබුනනම් කුමාරයත් අද නිදහසේ රස්සාවක් කරනව. කාගෙවත් ගාව දනින් වැටෙන්න යන්නෙ නැතිව. ඌත් අද කිරිගොවියෙක්.

මේ මොනව වුනත් යන්තම් ඉර එලිය වැටෙන කොටම කතිරෙ ගහන්න පෝලිමෙ මුලින්ම කුමාරත් යනව.......